Posts

Showing posts with the label Insights

අපේ සුදු අත්තම්මා ඇයය

Image
සුදු අත්තම්මා , සුදු ආච්චි , සුදු නැන්දම්මා , සුදු අම්මා, මෙකී නොකී සකලවිධ ලෙස ලෝකයම ආදරයකල, ආමන්ත්‍රණය කල විශේෂයෙන් අමුතුම ඇටයේ අමුතුම පුතානෝලාගෙන් දෙකොන ඉබිමින් මහත්වූ බුහුමනක් ලද ඒ උත්තමාවිය පසුගිය සැප්තැම්බර් මස 08 දින ස්වර්ගස්තවිය; නැත්නම් නිවන්ගියාය; නැත්නම් අභාවප්‍රාප්ත වූවාය;නැත්නම් අපවත් විය; නැත්නම් වලකජ්ජ ගැහුවාය; කුමන වචනයෙන් ඉවරකරනවද කියා තවමත් සිතාගැනීමට නොහැක්කේය . කෙසේ හෝ ඇයගේ වසර 96 ක ජීවිත කාලය තුල ලෝකය තුල බලපෑම සුලුපටු කරුනක් නොවන්නේය .  අප කැමතිවුවද අකැමති වුවද “ divine feminine ’ හි වර්තමානයේහි ප්‍රතිමුර්තිය ඇයය. මියයන තුරුම කොක්කෙන් හෝ කෙක්කෙන් ලෝකය පාලනය කෙසේවෙතත් අමුතු ඇටයනම් පාලනය කලාය. අමුතු ඇටය කෙලවාගන්නාතරමට සමානුපාතිකව සුදු ආච්චිට ගරුකලෝය. එනම් කෙලවාගන්නේ ඒකක 100යක්ද, ඒකක 100යකින් උන්දෑට වැද නමස්කාර කලෝය. උන්දෑටම අමුතු ඇටය ආපසු බාරගෙන තවත් , පෙරටත් වඩා වැඩියෙන් කෙලවන ලෙස ඉල්ලා වැද වැටුනෝය. තවමත් පණ අදිමින් දුවන රේල්ලුව අපිට දුන්නේ ඇයනොවේදැයි කදුලු සැලුවෝය. " ස්වයංපෝෂිත " ආර්ථිකය වෙනුවට " ස්වයංවින්දන " විකුණන ආර්ථිකය හෙවත් විකුණා කන ආර...

වහල්ලු සහ වහල්ලු

Image
  වහලුන්ගේඉතිහාස කතාව මනුෂ්‍ය ඉතිහාසය හෝ ඊටත් වඩා පැරණි විය හැකිය . ඒ පිලිබදව උනන්දු වන්නේ නම් තොරතුරු ඕනෑ තරම් හොයාගත හැකිය. වහලුන් පිලිබද අර්ථ නිරූපණයේ දී අදික ලෙස වෙහෙසවන මිනිසුන් වහලුන් ලෙසද , පුද්ගලිකතවය නීතියානුකූලවම වෙන පාර්ශ්වයකට පවරා දුන් පුද්ගලයන් වහලුන් ලෙස අර්ථ නිරූපනය කර ඇත්තේය . මෙම අර්ථකතනය අනුව වර්තමානයේ හෙවත් 21 වන සියවසේ , digital යුගයේ,රැඩිකල් පරම්පරාව , කටුව ඇණගෙන, මුකය සහ මුක හොදින් තදින් වසාගෙන , සමරිසියෙන් ආතල් අරගෙන, සංහිඳියාවෙන් හදවත් පුරෝගෙන , කංසා ගහන , කොන්ඩේ බදින , කුනුහරුපය කුනුහරුපයක් කරගත් ගුරුන්ගෙන් අකුරුකරගෙන ,  මතු පරපුර  වැසිකිලියේම සෝදා හරින, කලුපැහැති තිරය පිටුපස සැගවී සිටි අන දෙනු ලබන තමන්ගේ ස්වාමියා කවුරුන්ද යන්න තම තම නැණ පමනින් විමසාගත හැකිය . ‘Working from home’ හෙවත් අතොරක් නැතිව කටු නැති ඔරලෝසුව අනුව, වැඩ-වැඩ-වැඩ, හෙවත් අප්‍රමාන “බිසී” ජීවිත කුමක්ද යන්න තම තම නැණ පමනින් තෝරා ගත යුතුය . මෙසේ වන්නට හේතු භූත වූ කාරනාව කුමක් විය හැකිද ?. පරම්පරාවෙන් පරම්පරාවට එන ජානමය බලපෑමක් මත සිදුවන සිදුවීමක්ද? . එසේ නැතනම් ඉතිහාසය පුනරාවර්ත...

Yuan Wang 5 delivered message? | චීනනැව ගෙනා පණිවිඩය?

Image
ලොවම ගිගුම් දෙමින් " චීනනැව " පසුගියදා හම්බන්තොට තොටුපොළට ලගාවිය.මින් මාස කිහිපයකට පෙර එලසම මහා හඩක් නගමින් රුසියානු   ගුවන්යානය ක්ද අමුතු ඇටයේ අත් අඩංගුවට පත්විය. හැමදාම  තමන්ගේම රටේ පුරවැසියන්ගේ  ප්‍රශ්න සරුසාර ලෙස වවාගෙනකන, ඒ අතරම මහා ගැලවුම් කාරයෝ සහ අති සුපිරිසිදු සුද්දවන්තයෝ ලෙස පෙනීසිටිනා කපුටෝ පිරිසක් මේ අත් අඩංගුවට ගැනීමට  ක්‍රියාකාරී ලෙස දායකත්වය ලබාදුන් බව රූප පෙට්ටියේ කතාවනු බව මතකය. කෙසේ වුවද අවසානයේ "කජු" පැකට්ටුවක්දී ප්‍රශ්නය නිරාකරණය කරනය කල බවද, පසුව එම රූප පෙට්ටියේම කතා වූ බවද මතකය . හැමදාම  මෙන් දූපතේ කතාව නම් කවදාටත්  අපූරුය. තරම කොතරම් කුඩවුවද ප්‍රශ්න නම් මුලු ලොකයටද වඩා විශාල ය.ඈත අතීතයේදී දුටුගැමුණු රාජ කුමාරයාට මෙන්ම, වර්තමානයේ "වික්කම සිංහයාටද" උතුරින් සොලීන්‍ ය, නැගෙනහිරින් චීනුන්‍ ය, බටහිරින් සුද්දා ය.දකුණු දෙසින් හම්බන්තොට වරාය ය. කිසිදු සැනසීමක සේයාවක් වත් නොමැති සේමය.  නමුත් ලෝකයම සැනසීමට සිදු වී ඇත්තේය. සැබවින්ම දැන් නම් ගිරයට හසුවූ පුවක් ගෙඩියමය.  නැතිනම්, බටහිර සහ උන්ගේ බළල් අත් පමණක්ම  "අන්තර්ජාතිකය...

What happened to gotagohome2022? අරගලය මුහුදුබත්වූවාද?

Image
එදා මිරිහාන හංදියේහී ඉතාමත් අව්‍යාජ සහ සරල ලෙස, කොල්ලො-කෙල්ලො  "ගෙදර යන ගමන් " සාමකාමීව ආරම්භ කරන ලද අරගලය, රැය පහන් වන විට විශ්මයජනක ප්‍රතිපල අත්කර දෙමින් කපුටෝ සියලු පුටු  වලින් පැන දිව්හ. අනතුරුව, අරගලය රැල්ලට ගසාගෙන  යමින් ගාලුමුවදුර වෙත gotagohome  ලෙස  ගසාගෙන ආවේය.කූඩාරම් ඉදිකර කපුටෝ එයට රිංගුවෝය. කෑමෙන්,බීමෙන් අරගලය සංතර්පණය කලෝය. වින්දිතයන්ට යුක්තිය යදිමින්, ඉටි පහන් දල්වමින්, බුරියානි ගිලමින්, පූජකයො අරගලයට පිරිත් වතුර ඉස්සෝය. සංහිඳියාව දෝරෙගලා ගියේය. gotagogama අරගලය සැණකෙළියක් ම විය.  සියල්ලෝම සතුටින්, උමතුව, " කස කස " කෘත ගුන සැලකීම පිලිබදව උනන්දු විය. එයම අරගලය පිලිබද සිහිය දුරු කරන බව දැන හෝ නොදැනය. එහෙත් "නොදන්නාකම" අපාගතවීම වැලක්වීමට  සමාවක් නොවන බව බුදුන් වහන්සේ මීට අවුරුදු 2500 පෙර පැවසූ බව, අපේ ආච්චි අපි පොඩි කාලයේ කීවා මතකය. විචාරාත්මක බව පසෙකින් තබා, ඉතාමත් සූක්ෂම ලෙස කපුටන් ගොඩනගන ලද ජනප්‍රිය හරසුන් මතවාද කරපින්නාගෙන ජයග්‍රහණයේ මාවත ලෙස රැවටුනේය. අවසානයේ කපුටෝ අරගලයේ මෙහෙයුම අතට ගත්තෝය. නිශ්චිතවම, අවශ්‍යම මොහොතේ එය පෙරලා දැමු...

What next to gotagohome2022 ? | අරගලය මීලගට කොයිබටද?

Image
අරගලය දෙවන අදියරට පිවිස ඇත. ගින්දරින් දවා, ජලයේ නහවා පලමු අදියර අවසාන විය.දෙවන අදියර සදහාද එම ක්‍රියාන්විතයම සුදුසු යැයි සිතීම අපහසුය. මන්දයත් සතුරාගේ ස්වභාවය මෙම අදියරේදී වෙනස්ය.මනා සූක්ෂමය, ඉතා හොදින් වෙස්වලාගෙනය.සලුපිලි , කතාබහ වෙනස්ය.ගැවසෙන සමජ ස්තරය වෙනස්ය.භාවිතාකරන අවි සංකීර්ණය. බොහෝවිට ඉතාමත් ශුද්ධ වූ චේතනා ලෙස මවා පාන්නේය.එහෙත් ඉතාමත් බිහිසුණුය. " අවංක මෝඩක ම"  ඉතාමත් රුදුරු ලෙස ගොදුරු කරගන්නේය.ප්‍රතිඵල ලැබෙන්නේ තවත් අවුරුදු 70 පමණ ගෙවුණු පසුය.  තමා අවට පරිසරය පිලිබදව අවදියෙන් සිටිමින්, වත්මන් සිදුවීම් අතීතය සමග ගැලපිය යුතුම වන්නේය ( History always repeats..! ) , තම තම නැණ පමනින් පමණක් ඉතාමත් ප්‍රවේසමෙන්, තාර්කික බුද්ධියෙන් තීරණ තීන්දු වලට එලබීම මේ කාලයේ Theory එක බව පෙනෙන්නේය.කොවුල් නාද කරනා කපුටෝ හදුනාගත හැක්කේ එවිටය. සමස්ත සමාජය ඉදිරියේ කපුටන්ගේ අප්‍රසන්න නිරුවත බුද්ධියේන් නිරුවත් කල යුතුය . එවිට, බුද්ධිමතුන්ගේ යුගයට, බුද්ධියේ ජයග්‍රහණය තුලින් එලබිය හැකිය...!! (සැකසුම : නිර්පාක්ශිකයා) 2022 ජූනි මස 03 දින. (ජායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි) Insight & ...

Civic responsibility of Sri Lankan? | පුරවැසි වගකීම?

Image
මේහි මූලික යෝජනා සදහා ඔබගේ ද අදහස් එකතුකොට තීරණ ගන්නා බලධාරීන්ට ලගාවන අයුරින් කටයුතු කොට පුරවැසි වගකීම ඉටුකරමුද?. ගෑස් සිලින්ඩර නිසි පරිදි බෙදා හැරීම අද දවසේ ගැටලුව බවට පත් වි ඇති සෙයකි. රට තුල බහුලව සොයාගත හැකි IT තාක්ෂණය සරලව භාවිතා කොට මෙම ප්‍රශ්නය සදහා විසදුමක් සොයාගත හැකි දැයි සොයා බලමු. අද රට තුල ඉතාමත් හොඳ IT literacy එකක් ඇත්තේය. ප්‍රශ්නය: 1.      ජන මාධ්‍යය තුල සදහන් වන පරිදි ඇත්තටම රට තුලට ගෑස් තොග ලගා වෙනවාද?. 2.      එම ලගාවන ගෑස්තොග නිසි ලෙස ජනතාව අතර බෙදී යනවාද?. 3.      ජනතාව අපහසුවෙන් එකතුකරගත් ගෑස් ටැංකිය, මීලග ගෑස් තොගය ලැබෙන තුරු නිසි පරිදි කලමනාකරනය කර ගන්නේ කොහොමද?. අරමුණ: 1.      ජනතාව තුල යාන්ත්‍රණය පිලිබද විශ්වාසය තහවුරු කිරීම 2.      අර්බුදය විසදීමට ජනතාව දායක කර ගැනීම ජනතාව අද පාරට බැස ඉල්ලා සිටින්නේ මෙම ප්‍රශ්න වලට පිලිතුරුය. සාර්ථකව මෙම ප්‍රශ්න සදහා පිලිතුරක් සැපයීම මගින් ජනතා විශ්වාසය තහවුරුකර,මෙම අර්බුද කාර්‍ර් වකවානුවේ ජනතා සහය ලබා ගත හැකිය. එමෙන්ම ජනතාවට සිදුවන අනවශ්‍ය අසහනකාරී ...

Truth is naked & solo | සත්‍ය නග්නය සහ තනිකඩය

Image
  මෙය නම් අමුතුම ඇටයකි. අරුම පුදුම ලෙස ඉන්දියන් සාගරයේ සියල්ලට පහලින් සියල්ල දකිමින්,සියල්ල විදිමින් තවමත් ජීවමානව සිටින්නේය.  කොරෝනා ලෝක වසංගතය එනවිට බටහිරට විරාජමාන වූ දූපතේ  වැසියෝ, දූපතේ සිරවී සිටින තමන්ගේම යහලුවෝ, අසල් වැසියෝ කෙරෙහි අපමණ අනුකම්පාවෙන් යුතුව ශෝකය ප්‍රකාශ කලෝය.  "අපිටනම් අවුලක් නැහැ මචන්, උබලට තමා මාර ප්‍රශ්නයක් වෙන්නේ, මේ රටවල medical systems හොදටම තියෙනවානේ. දූපතේ මෙඩිකල් systems එක full අවුල් නේ නේද?.අපිට මාර දුකයි ඉතින් උබලා ගැන". අසරණ දූපතේ වැසියෝ වසර දහස් ගනනක් පුරාවටම අත්දකින, අතැබුලක් වු දේශීය වෙදකම , පවුලේ වෙදදුරා වු තම මවගේ,පියාගේ මූලිකත්වයෙන් සහ සහෝදර සහෝදරියන්ගෙන් ලද උනුසුම්  හෙදකමින් සාර්ථකව ගෝලීය වසංගතයට මුහුන දුන්නේය. විවිධ දේශීය වෙදදුරන් තම පාරම්පරික දැනුමින් සමාජය පෝෂණය කලේය.දූපත් වැසියෝ ඔවුන්ගේ සහතික පත්‍ර පරීක්ෂා කිරීමට උත්සුක නොවීය. " පූසා මැටියෙන් හෝ මීයෝ අල්ලනවානම් ඔවුන් හට ප්‍රමාණවත් විය". වසංගතය ලෝකය පුරා පැතිරමින් මරණය ඉදිරියේ සියල්ලෝම එක සමාන බව වේගයෙන් පසක් කරන්න ගත්තේය. ලෝකයේ මරණ සංඛ්‍යාව ජයසූරියගෙ score එක පර...

kaputas-to-salves | කපුටෝ-බයියෝ-ටොයියෝ-වහල්ලු

Image
මොවුන් දූපතේ ලැග සිටිනා සත්වයෝ අපුරුය. 97% පමණ ටොය්යෝ සහ බය්යෝ ය. 3% පමණ වහලුන්ය . බය්යෝ ස්වභාවයෙන්ම අමනය, අවංකය, බෙහෙවින් රැවෙටන සුලුය. නිරතුරුවම, දියසේන කුමාරයා පැමින තමාගේ අමනකමි වලින් තමාව මුදවා ගන්නාතුරු මග බලා සිටින්නේ ය. එය ඉරහඳ මෙන් විස්වාසය කරන්නේය. බය්යෝ බහුලව දැකිය හැක්කේ ගම් බදවය. මොවුන්ගේ නඩත්තුව පහසුය. මන්ද යත් සරල සිතුවම් පැතුම් පිරි ජීවින රටාවය. මොවුන් සැම විටම විස්වාස කරන්නේ කර්මය අනුව තමන්ගේ පැවැත්ම තීරණය වන බවය. ටොය්යෝ කපටිය, අවස්තාවාදිය, තක්කඩිකමින් විවිධ කතා ගෙතීමේ අති දක්ශයෝය. "සුද්දා සුදුය උගේ මල පහ උවද අපමන සුවදය" යන්න දිවුරාම ප්‍රකාශ කරති. මෙලොව ඇති සියලුම වියාධ්න් හට එකම විසදුම "සුද්දාගේ විසදුම" බව සපත කරති.එය එකම විසදුම ලෙස වරනගති. ස්වාභාවදර්මයද "සුද්දා" විසින්ම ගොඩනගන ලද්දක් බව තරයේම විස්වාස කරති. ඒ සදහා ටයි කෝට් පැලද ගොස් පුද පුජා පවත්වති. සපත කරමින් සුද්දගේ දේශයට වැද නමස්කාර කරති. කපුටෝ වනහි, බය්යයන්ගේ අමන කමද, ටොය්යන්ගේ "සුද්දා සරන යන" වහල් කමද නියමිත මාත්‍රවට කලවම් කර, දුපත ගිල ගැනීමට කැසකවන දෙස්,විදේස් මාර පිල්...

Pre & Post Corona Virus Period

Image
Corona Virus or COVID 19 has not only confined people at home but teaching the greatest lesson ever thought to mankind. The world is full of resources for its inhabitants for careful utilization, apart from the humans, the rest of the inhabitants on the planet knew the rules of the game. We, humans, were driven by the consistently aroused greed, accumulating or maximizing the very narrowly defined concept of wealth with no respect whatsoever to the nature which everyone’s very survival depends upon, embraced as DEVELOPMENT. Vegetables, Fish, meat, and groceries are starting to deliver to the doorsteps with the highest quality and freshness at a reasonable price by the SME business more consistently, and successfully in every corner of the village, a town while large cooperations of supermarkets struggling to cater their very loyal customers. Social media platforms are used for the greater good for the first time in history by people starting to create various public groups to help each...