kaputas-to-salves | කපුටෝ-බයියෝ-ටොයියෝ-වහල්ලු

how mind works with perceptions

මොවුන් දූපතේ ලැග සිටිනා සත්වයෝ අපුරුය. 97% පමණ ටොය්යෝ සහ බය්යෝ ය. 3% පමණ වහලුන්ය.

බය්යෝ ස්වභාවයෙන්ම අමනය, අවංකය, බෙහෙවින් රැවෙටන සුලුය. නිරතුරුවම, දියසේන කුමාරයා පැමින තමාගේ අමනකමි වලින් තමාව මුදවා ගන්නාතුරු මග බලා සිටින්නේ ය. එය ඉරහඳ මෙන් විස්වාසය කරන්නේය. බය්යෝ බහුලව දැකිය හැක්කේ ගම් බදවය. මොවුන්ගේ නඩත්තුව පහසුය. මන්ද යත් සරල සිතුවම් පැතුම් පිරි ජීවින රටාවය. මොවුන් සැම විටම විස්වාස කරන්නේ කර්මය අනුව තමන්ගේ පැවැත්ම තීරණය වන බවය.

ටොය්යෝ කපටිය, අවස්තාවාදිය, තක්කඩිකමින් විවිධ කතා ගෙතීමේ අති දක්ශයෝය. "සුද්දා සුදුය උගේ මල පහ උවද අපමන සුවදය" යන්න දිවුරාම ප්‍රකාශ කරති. මෙලොව ඇති සියලුම වියාධ්න් හට එකම විසදුම "සුද්දාගේ විසදුම" බව සපත කරති.එය එකම විසදුම ලෙස වරනගති. ස්වාභාවදර්මයද "සුද්දා" විසින්ම ගොඩනගන ලද්දක් බව තරයේම විස්වාස කරති. ඒ සදහා ටයි කෝට් පැලද ගොස් පුද පුජා පවත්වති. සපත කරමින් සුද්දගේ දේශයට වැද නමස්කාර කරති.

කපුටෝ වනහි, බය්යයන්ගේ අමන කමද, ටොය්යන්ගේ "සුද්දා සරන යන" වහල් කමද නියමිත මාත්‍රවට කලවම් කර, දුපත ගිල ගැනීමට කැසකවන දෙස්,විදේස් මාර පිල්ලි වලට මග විවරකරන්නට මාන බලන දුශ්ට, භයානක,අප්පිරියාසහගත කොට්ටාශයකි. මොවුන් අනේකවිධ නම් වලින් අටවාගත් සමිති, සංගම්,සංවිධාන හරහා සුද්දගේ අසුචි තමාගේම බඩට slope කපා ගැනීමට නිරතුරුවම වෙහෙසවෙති. කපුටන් හදුනාගැන්මට ඉතාමත්ම අපහසුය. විටෙක ආගමික නායකයන් ලෙසද, සමාජ සෝදකයන් ලෙසද, විමුක්තිකාමීන් ලෙසද, අධ්‍යාපන වේදින් ලෙසද, වෛද්‍ය වුර්තිකයෙක් ලෙසද, කලාකරුවන් ලෙසද  සකලවිධ ස්වරූපයෙන් පෙනී සිටින්නේ ය. ඔවුන්ගේ සලුපිලියෙන්ම සැරසී සිටිති. ඔවුන්ගේ බස මනාලෙස වරනගති.ලේ වැගිරෙන, පනුවන් ගැසු, දුගඳ හමන සූකර මුකය සූක්ෂම ලෙස වසන් කරමින් සිනාසෙති. වැදි බන දෙසති.

දූපතේ පාලනය ඇත්තටම මෙහෙයවන්නෙ කපුටෝ ය. මාධ්‍යය බාවිතාකර බය්යෝද, ටොය්යෝද වහලුන් වෙත මානසික අල්ලස් දෙමින් හසුරවති.  නොනිසිදෙන ආසවන්ගෙන් පිරුණු, ආත්මාරත්තයෙන් අග තැන්පත්  ටොය්යෝ හට උන්ගේ පරම සැපත වන සුද්දාගෙ රටට visa ලබා ගැනීම, පිටරට ගොස්  FB හරහා රට හැදීම, නවීනතම මෝටර් රතයක නැග පාරේ ඇවිදිමින් යන පීඩිත බය්යෝ සහ වහලුන් වෙත විසුලු කිරීම, ආදි වූ සතුටක් උරමකර දීමට කපුටෝ කිසි විටකත් මැලිනොවෙති. පසුබට නොවෙති. මොවුන් දිනාගැනීමට මෙවැනි මානසික අල්ලස් හොදටම ප්‍රමාණවත්ය.

බය්යෝ නඩත්තුව ඉතාමත් පහසුය. දියසේන කුමරු ගේ සම්ප්‍රාප්තිය එලබෙන තුරු,කර්මානුරූපව උරුම දුක සහ සතුට බාර ගැනීමට හිත හදගන්නා ලෙස සුද්දගේ රටකින් ගත් දැනුමකින් හිසපුරවාගත් බය්යයන්ගේ සහ ටොය්යන්ගේ  වැදි බන දේසනාවක් හොදටම  ප්‍රමාණවත්ය. කෙසේ වුවද දූපතේ පාලනය සදහා බය්යයන්ගේ සහය උවමනාය. 

වහලුන් හරිම අපූරුය. උනුන් හට බය්යෝ සහ ටොය්යෝ පෙනෙන්නේ වහලුන් ලෙසය. තමාගේ පීඩිත මානසිකත්වය අන් අය තුලින් දකින්නට රුසියෝය. වහලුන්ගේ නායකයා සමස්ත ඉතිහාසයේ පුරාවටම වෙනස් වී ඇත්තේ දෙවරක් පමනි, එයත් එක් මරනයකිනි. එහෙත් තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම ගැනම අනුසාසනා කරන්නේ ය. අරගල කරන්නේය. වහලුන් සිතන්නේ උන්ගේ පීඩිත ජීවිත තුල ජීව ගුනය තමන් ඇරිස්ටොටල් පඩිවරයාගෙන් පැමිනීම නිසා කියාය. එසේ උවද, නායකයයෝ කපුටෝ සමග ඩීල් දමති. කති බොති සුකති.තමන්ගේම බඩට slope කපාගති..!!.

කරුනු මෙසේ වුවද,

ඉතිහාසයේ එක දුර්ලභ අවස්තාවක් සනිටුහන් කරමින් අදින් වසර 13 කට පෙර , අදවන් දිනයක, ටොය්යෝද, බය්යෝ ද, වහලුන්ද එකාවන්ව සැමරුමක් සනිටුහන් කලේය. 

කපුටන් විසින් ගොඩනගා, කපුටන් විසින් නඩත්තු කරනලද 30 වසරක් පුරාවටම ටොය්යන්ද, බය්යෝද,  වහලුන්ද එකාවන්ව බිලිගත් රුදුරු ත්‍රස්තවාදී යුද්ධය පරාජය කිරීමේ සැමරුමය.

13 වසරක් අවසානයේ, එම ඉතිහාසගත සිදුවීම ටොය්යෝ ද, බය්යෝ ද, වහලුන් ද එකතුව කපුටන්ගේ ආශිර්වාදය සහිතව මහ දවල් ගලක් උඩ තබා සාමුහිකව දූෂණය කරන ලදි. 

එම උත්තරීතර සිදුවීම ඉතිහාසයේ කලු පැල්ලමක් බවට පරිවර්තනය කලේය.

 ටොය්යෝද , බය්යෝ ද, වහලුන්ද උද්දාමයට පත් කල හැකි වූ එම සිදුවීම අදවන විට එලිපිට කතාකිරීම ලැජ්ජාව උපද්දන්නක් බවට පත් කලෝය...!!

මෙවැනි පසුබිමක, සොබාදහම්  මාතාව මේ සියල්ල දෙස තවදුරටත් උපෙක්ෂා සහගතව බලා හිදී විද?.  

කාලය විසින් සියල්ලටම නිශ්චිත විනිශ්චය ලබා දේවිද?.

කල හැක්කේ බලාසිටීම පමනි...!!!

(සැකසුම: නිර්පාක්ශිකයා)
2022 මැයි 18 දින

(ජායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි)

Insight & analysis of the social phycology of Sri Lanka.
By 
The Analyst

Comments

Popular posts from this blog

URLs & Kandyan Surnames

බයියාගේ හීනය...!!