What happened to gotagohome2022? අරගලය මුහුදුබත්වූවාද?


Depiction of Ouroboros to show the sentiment of what happened to gotagohome2022

එදා මිරිහාන හංදියේහී ඉතාමත් අව්‍යාජ සහ සරල ලෙස, කොල්ලො-කෙල්ලො  "ගෙදර යන ගමන් " සාමකාමීව ආරම්භ කරන ලද අරගලය, රැය පහන් වන විට විශ්මයජනක ප්‍රතිපල අත්කර දෙමින් කපුටෝ සියලු පුටු  වලින් පැන දිව්හ.

අනතුරුව, අරගලය රැල්ලට ගසාගෙන  යමින් ගාලුමුවදුර වෙත gotagohome ලෙස  ගසාගෙන ආවේය.කූඩාරම් ඉදිකර කපුටෝ එයට රිංගුවෝය. කෑමෙන්,බීමෙන් අරගලය සංතර්පණය කලෝය. වින්දිතයන්ට යුක්තිය යදිමින්, ඉටි පහන් දල්වමින්, බුරියානි ගිලමින්, පූජකයො අරගලයට පිරිත් වතුර ඉස්සෝය.සංහිඳියාව දෝරෙගලා ගියේය.gotagogama අරගලය සැණකෙළියක් ම විය. 

සියල්ලෝම සතුටින්, උමතුව, "කස කස" කෘත ගුන සැලකීම පිලිබදව උනන්දු විය. එයම අරගලය පිලිබද සිහිය දුරු කරන බව දැන හෝ නොදැනය. එහෙත් "නොදන්නාකම" අපාගතවීම වැලක්වීමට  සමාවක් නොවන බව බුදුන් වහන්සේ මීට අවුරුදු 2500 පෙර පැවසූ බව, අපේ ආච්චි අපි පොඩි කාලයේ කීවා මතකය. විචාරාත්මක බව පසෙකින් තබා, ඉතාමත් සූක්ෂම ලෙස කපුටන් ගොඩනගන ලද ජනප්‍රිය හරසුන් මතවාද කරපින්නාගෙන ජයග්‍රහණයේ මාවත ලෙස රැවටුනේය.

අවසානයේ කපුටෝ අරගලයේ මෙහෙයුම අතට ගත්තෝය. නිශ්චිතවම, අවශ්‍යම මොහොතේ එය පෙරලා දැමුවෝය. අවසානයේ රැල්ලට ගිය අරගලය වැල්ලේදී ම මුහුදුබත්වුයේ කපුටන් වෙත ජයග්‍රහණ රැසක් අත්කර දෙමිනි.රැල්ලට අරගල කරන්නට ගොස් වැල්ලේදී අරගලය මුහුදුබත් විය.

මේ සියල්ල, ජයග්‍රහණයේ මාවතද ඉතාමත් සුපැදිලිවම අප ඉදිරියේ විවර කර ඇතිමුත්,  මායාවකින්ද වසා ඇත. මක්නිසාද යත් බුද්ධි මතුන්ගේ යුගය පිලිගන්නා ලබන්නේ බුද්ධිමතුන්ම පමණක්ම නිසාවෙනි.

සදාකාලිකවම,  "අරගලය අව්‍යාජ වන තරමටම, ජයග්‍රහණය විශ්මයජනකය".

අව්‍යාජ වීම යනු ඉංගිරිසි‍යෙන් පවසන ආකරයට "Do not lie to yourself"හෙවත්, තමා විසින්ම, තමාම රවටා ගැනිමේ න්‍යාය විසිකර දැමීමය…!

(සැකසුම: නිර්පාක්ශිකයා )
2022 ජුලි 22 දින

(ජායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි)

Insight & analysis of the economic & social phycology of Sri Lanka.
By 
The Analyst

Comments

Popular posts from this blog

URLs & Kandyan Surnames

kaputas-to-salves | කපුටෝ-බයියෝ-ටොයියෝ-වහල්ලු

බයියාගේ හීනය...!!