What next to gotagohome2022 ? | අරගලය මීලගට කොයිබටද?

2022 May 09 riots of gotagohome2022 in Sri Lanka

අරගලය දෙවන අදියරට පිවිස ඇත. ගින්දරින් දවා, ජලයේ නහවා පලමු අදියර අවසාන විය.දෙවන අදියර සදහාද එම ක්‍රියාන්විතයම සුදුසු යැයි සිතීම අපහසුය. මන්දයත් සතුරාගේ ස්වභාවය මෙම අදියරේදී වෙනස්ය.මනා සූක්ෂමය, ඉතා හොදින් වෙස්වලාගෙනය.සලුපිලි , කතාබහ වෙනස්ය.ගැවසෙන සමජ ස්තරය වෙනස්ය.භාවිතාකරන අවි සංකීර්ණය. බොහෝවිට ඉතාමත් ශුද්ධ වූ චේතනා ලෙස මවා පාන්නේය.එහෙත් ඉතාමත් බිහිසුණුය. "අවංක මෝඩකම"  ඉතාමත් රුදුරු ලෙස ගොදුරු කරගන්නේය.ප්‍රතිඵල ලැබෙන්නේ තවත් අවුරුදු 70 පමණ ගෙවුණු පසුය. 

තමා අවට පරිසරය පිලිබදව අවදියෙන් සිටිමින්, වත්මන් සිදුවීම් අතීතය සමග ගැලපිය යුතුම වන්නේය (History always repeats..!) , තම තම නැණ පමනින් පමණක් ඉතාමත් ප්‍රවේසමෙන්,තාර්කික බුද්ධියෙන් තීරණ තීන්දු වලට එලබීම මේ කාලයේ Theory එක බව පෙනෙන්නේය.කොවුල් නාද කරනා කපුටෝ හදුනාගත හැක්කේ එවිටය.

සමස්ත සමාජය ඉදිරියේ කපුටන්ගේ අප්‍රසන්න නිරුවත බුද්ධියේන් නිරුවත් කල යුතුය .

එවිට, බුද්ධිමතුන්ගේ යුගයට, බුද්ධියේ ජයග්‍රහණය තුලින් එලබිය හැකිය...!!

(සැකසුම : නිර්පාක්ශිකයා)
2022 ජූනි මස 03 දින.

(ජායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි)

Insight & analysis of the social phycology of Sri Lanka.
By 
The Analyst

Comments

Popular posts from this blog

URLs & Kandyan Surnames

kaputas-to-salves | කපුටෝ-බයියෝ-ටොයියෝ-වහල්ලු

බයියාගේ හීනය...!!