බයියාගේ හීනය...!!

 



පරිසරයම උලාකාලා, 
ජාතියටම කෙලවලා,
නැගිටින්න බැරිවෙන්න කලුසුද්දෝ බෝකරලා, 
1815 රටට රිංගපු, 1948 තොලෙන්චි වෙද්දී ණයට කන්න උගන්නපු සුද්දෝ, 
අද වෙනකොට අම්මට්සිරි ජාතියක් වෙලා ඕයි…!!!


සුද්දා හින්දනේ අදටහරි රේල්ලුවක් හරි තියෙන්නේ, 
කොහොමහරි උන්ගේ රටකට පැනගෙන පන බේරගන්න හිතන තරමට,
අපි දියුනු වෙලා ඕයි..!!!


අවුරුදු 30 වතුර වෙනුවට ලේම බීපු,
කකුල් දෙකේ කොටි රැල අද, 
අහිංසකම පූස් පැටව්ලු ඕයි..!!!


ඩොලර් ගිලින්න, තට්ටේ ගාපු සිංහල කොටි,
මෙහෙම කියලා හොටුපෙරනකොට, 
කොටි බෝම්බ වලින්,
කුණු පරාන බේරගන්න,
ගෑනියි-මිනිහයි බස් දෙකකම ගිය එවුන්,
අමු හෙලුවෙන්ම,
හූමිටි තලමින්, තප්පුලනවා  ඕයි…!!!


යුද්දේ කාලේ දණහිසේ හිටිය උන්,
කරුමෙට මෙලවට ඇවිදින්, 
ඩොලර් කාලා, කක්කාකරලා, ඒවත් කාලා, 
මානව හිමිකම් කඩවීම ගැන බණ කියනවා ඕයී…!!!


කයියනායකලා සමග, 77-88-89 තරගෙට අපේ ජතිය වද කරපු,
පියාණෝගේ විකට පුතාණෝ, 
අද අම්මටසිරි පොරක්වෙලා රට බේරගන්නවාලු ඕයි..!!!


බැදුම්කරෙන් රටට ඇරපු, 
පුතාණෝගේ පියාණෝ එක්ක කොල්ලන්ට ඇණගහපු,
වදකයා අද පොරක් වෙලා, 
කොල්ලන්ව මසට දක්කන්න,
සිංදු කියපු අම්මන්ඩිට,
සම්මාන දෙනවා දැක්කාම,
ඔක්කාරය හැදිලා, ලේ  බඩයනවා ඕයී…!!!


හැබැයි ඉතින් මොනවා උනත්, 
තෙල්, ගෑස් පෝලිම් නැතිකරලා,
වැල් පාලමෙන් එගොඩකලාලු ඕයි…!!!


ඒ නිසාම උන්නාන්සේ 2248 වෙනකම්,
වලෙත් ඉදන් ජාතියන්තරේ එක්ක,
සම්බන්ධකම් පවත්වමින් රජ කරන්න ඕනලු ඕයි…!!!


බැල්ලියන්ට පැටව් වදන්න නූල් ගැටගහන්නද, 
සාරා කල්පලක්ශයක්,
ඇස්,ඉස්,මස් දන්දී  අවබෝධ කරගත්තේ,
මේ වගේ ධර්මයක්ද කියලා, 
තුන්මාසකයක්ම,
නිදිනැතිතුව කල්පනා කලා ඕයී…!!!


හිරේ ඉදලා ගෙදර ඇවිත්,
 “ඩයනා පත්‍රයක්” සප්පායම් වෙලා, 
මිශෙල්ගේ ඔලුව අතගාමින්,
 “ටික් ටොක්” පාරක් දාගෙනෙ ඉන්න,
 මන්දබුද්දගෙන් ඇහුවාම,
ඒකට තමා “ නිර්ව්‍යාජ අවිහිංසාවේ ප්‍රකාශණය “ කියන්නේලු ඕයි…!!!


උන්මත්තකදාවේ,
රසායනික - කාබනික ගොවියා කියනවා,
ඒකතමයි “චින්තන විප්ලවය” කියලා ඕයි…!!!


කිරි වෙහර වටේට කිරිබත් අතුරන,
ස්වර්ගයට ටිකට් කඩන කොන්දොස්තර කියනවා,
ඒකට තමා ‘ශර්දාවා’ කියන්නේ කියලා ඕයී…!!!


මේ අකුණු ගහන, දෙගොඩ තලා ගංගා උතුරා යන කාලයට, 
අවේලාවේ රස්සාවක් නැතිව, නිදියනකොට,
මේවගේ විලම්භීත හීන දකිනවාලු ඕයී…!!!


ඒ අස්සේම,
පොලව ඉබලා, පු*ත් ඉබලා,
කොටින් තලලා, අපිට ඇරලා, 
(කුණු) වෙන්ඩ මහ රජා සහ උගේ පුතාණෝ කියනවා, 
රටේ සම්පත් විකුනන එක වහාම නවත්වන්නලු ඕයී…!!!


අන්තිමේදි,
චන්ද්‍රපාල කිව්ව වගේ,
තල්ලුකරන්න බැලුවාම, 
ගැණිත් නෑ , කියපන්කෝ ඕයි…!!!


ඒ හින්දාම,
ඕන පු*ක් ප්‍රීති වෙසක්.. කියලා,
AKD කයියනායකටවත් දීලා,
අන්තිමට වතාවටත්, 
කේට-විරහිතවම ඇරගෙන, 
වැලලිලාම යනවා කියලා, 
තවටිකක් නිදාගත්තා, 
කවදා හරි,
"දියසෙන්වත්" ඇවිත් අපිව බේරාගනීයි කියලා ඕයී…!!!


(සදාචාරය රැකගනු පිනිස සමහර වචන කපා හැර ඇතිබව කරුනාවෙන් සලකන්න.)


සැකසුම

නිර්පාක්ශිකයා

(ජායාරූපය අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදි)

Comments

Popular posts from this blog

URLs & Kandyan Surnames

kaputas-to-salves | කපුටෝ-බයියෝ-ටොයියෝ-වහල්ලු