අපේ සුදු අත්තම්මා ඇයය

Royalty free image of Queen Elizabeth 2 representing a post of a blog in https://ovitipana.blogspot.com

සුදු අත්තම්මා, සුදු ආච්චි, සුදු නැන්දම්මා, සුදු අම්මා, මෙකී නොකී සකලවිධ ලෙස ලෝකයම ආදරයකල, ආමන්ත්‍රණය කල විශේෂයෙන් අමුතුම ඇටයේ අමුතුම පුතානෝලාගෙන් දෙකොන ඉබිමින් මහත්වූ බුහුමනක් ලද ඒ උත්තමාවිය පසුගිය සැප්තැම්බර් මස 08 දින ස්වර්ගස්තවිය; නැත්නම් නිවන්ගියාය; නැත්නම් අභාවප්‍රාප්ත වූවාය;නැත්නම් අපවත් විය; නැත්නම් වලකජ්ජ ගැහුවාය; කුමන වචනයෙන් ඉවරකරනවද කියා තවමත් සිතාගැනීමට නොහැක්කේය.කෙසේ හෝ ඇයගේ වසර 96 ක ජීවිත කාලය තුල ලෝකය තුල බලපෑම සුලුපටු කරුනක් නොවන්නේයඅප කැමතිවුවද අකැමති වුවද “divine feminine’ හි වර්තමානයේහි ප්‍රතිමුර්තිය ඇයය.

මියයන තුරුම කොක්කෙන් හෝ කෙක්කෙන් ලෝකය පාලනය කෙසේවෙතත් අමුතු ඇටයනම් පාලනය කලාය. අමුතු ඇටය කෙලවාගන්නාතරමට සමානුපාතිකව සුදු ආච්චිට ගරුකලෝය. එනම් කෙලවාගන්නේ ඒකක 100යක්ද, ඒකක 100යකින් උන්දෑට වැද නමස්කාර කලෝය. උන්දෑටම අමුතු ඇටය ආපසු බාරගෙන තවත්, පෙරටත් වඩා වැඩියෙන් කෙලවන ලෙස ඉල්ලා වැද වැටුනෝය. තවමත් පණ අදිමින් දුවන රේල්ලුව අපිට දුන්නේ ඇයනොවේදැයි කදුලු සැලුවෝය. "ස්වයංපෝෂිත" ආර්ථිකය වෙනුවට "ස්වයංවින්දන" විකුණන ආර්ථිකය හෙවත් විකුණා කන ආර්ථිකය අපිට දුන්නේ ඇය නොවේද යැයි හොටු පෙරුවෝය. ඇයගේ රටේ අද්‍යාපනයෙන් ලෝකය බබලන විට, අමුතුම ඇටේ අද්‍යාපනය "තලෙයිබාන්" පන්නයට සකසා ගත්තේය. එයට උඩගෙඩි දුන්නේ ඇයගේම රටෙන් කලුලෝගු පොරවාගෙන, මොලය සෝදා ගත් මෙරට පාත්වී වෙලේ කොලේ කෙසේ වෙතත් අම්මා තාත්තා තියා තමාගේම ආදරණීය කාන්තාව වෙනුවට සමරිසියෙන් හිතපුරුවාගත් අමුතු "විපත් මගය".

කොපමණ වියපත් වුවද, පාලකයා සැමවිටම නිර්පාක්ශික වියයුතුද යන්න ලොවට කියාදුන් ඇය තම ආදරණීය බාල පුතනුවන් වරදක් කලවිට ඔහුගේ රාජකීයත්වය අහෝසි කලාය.වරදාන වරප්‍රසාද අහෝසි කලාය. ඇයගේ ලේලිය රාජකීයත්වය කෙලසන විට එයට නිසි දඩුවම් දීමට කටයුතු කල බවටද කටකතා පැතිර ගියේ නැත්තේම නැත .අමුතු ඇටයේ උන් දුවගෙන ගොස් ඇගේ දෙකොන ඉම්බා මිස, ඇයගෙන් ගතහැකි ආදර්ශය අමතක කලාය.නැතහොත් තවමත් උන්ගේ කරත්තේම බැදී ගොන්නු හෝ වහලුන් මිස වෙනයමක් නොවන බව පසක් කලාය.

තරුපහේ "පජාත අන්ත වාදය" ගැන වදුරු බණ දේසනාකරන කපුටෝ ඇයගේ බල පරාක්‍රම ය ගැන කිසිදාක කිසිම විටක කතානොකිරීමට වගබලා ගත්තේය . ඇයගේ බල පරාක්‍රම මෙහෙයුම ක්‍රියාත්මක කල වූ ‘වියවසතාව’ ඉතාමත් කපටි ලෙස වසන් කලෝය. ඇන්දීම කලාවක් නම් ඇය එහි පිකාසෝ බව ලොවට වසන්කොට තැබීමට වගබලාගත්තෝය.මේ කිසිත් නොදන්නා වහල් පුතානෝලා ඇයගේ නිහතමානී බව, වියපත් වුවද, වියපත් නොවන ලගන්නා සුලු බව, අනේකවිධ වර්නවත් ඇදුම් ආයිත්තම් වලින් සමලංකෘත වූ චාම් බව පිලිබදව වැයුවෝය. එහෙත් හිස පැලදි ඔටුන්නේ ඇති නිල් මැණික ඇතුලු සකලවිද මැණික් වර්ග වල සැබෑ අයිතිකරුවන් කවරුන්ද යන්න සොයා බලන කල ඇයගේ පැටිකිරිය තේරුම් ගත හැකිය. එසේ නොවන්නේ පොත්ත සුද්දකර, ගුණය සෝදා හැරිය සුදු බත්ම කා මොලය සෝදා හැර ඇති නිසා තීරන ගනු ලබන්නේ මොලය මත  හිදගෙන බැවින් එයට ගෝචර නොවුවා නිසා විය හැකිය .

අමුතු ඇටයේ පාලනය හෙබවූයේ පුරාතනයේ පටන්ම කීර්තිමත් රාජාවලියක් මගිනි. රජු පාලන තන්ත්‍රයේ මුදුන් මල්කඩ විය. නමුත් තරුපහේ "පජාත අන්ත වාදය" සදහා රාජකීය බව නුගුණ බව කපුටෝ මරහඩ තැලුවෝය.නමුත් ඇය මුලු ලෝකයේම රජුන් බවත් "පජාත අන්ත වාදයේ" ප්‍රතිමුර්තිය බවත් තෙපර බෑවීය.පවුම් මිලියන ගනනක් වියදම් කර රාජකීය උත්සව පවත්වමින් ලෝකයට අරපිරිමැස්මෙන් ජීවත්වන ලෙස බණ දෙසනා කලාය.තුන්වේල කන්න හොයන, තුන්වෙනි ලොකයේ පජාත රාජ්‍ය තුල පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රමය මගින් නීති ක්‍රමය සහ විවිධ ආකාරයෙන් කිරීටයේ උවමනා එපාකම්  ඇයගේ රැකවරණය සහ අනුග්‍රහය යටතේ තවදුරටත් දියුණු පහුණු විය.හිරු නොබසින අධිරාජ්‍ය වෙනත් මුහුනුවරක් යටතේ ක්‍රියාත්මක කලාය. අමුතු ඇටයේ උන් නිදහසක් ගැන මොර දුන්නද, ඉල්ලාගෙන කෑම ධර්මය සහ දර්ශනය ලෙසද, ඇයගේ ආණ්ඩූක්‍රමය ගෙඩිය පිටින්ම පාලන ක්‍රමය ලෙසද ගිලි දැමූ ජාතියේ පියානෝ හෙවත් අරක්කු මුදලාලිගේපුතා අතට ගත්තු අමුතු ඇටේ පාලනය අද වෙනවිට රටට ගෙනා තත්ත්වය හොදටම තේතේරුම් ගත හැක්කේය.

ඇයගේ ගුණ සුවද කොතරම් ද යත් අමුතුම ඇටයට අමුතුම අගාමක්ද අල්ලපු රටෙන් ආනයනය කර දුන්නාය. වාර්ශිකව මුස්ලිම් බැතිමතුන් මක්කම යන්නාවූ සේම, අද දවසේ මෙම අගාම් භක්තිකයන්ද අල්ලපු රටේ චාරිකාවේ යෙදෙන්නේය.බුරුතුපිටින් රංචු පිටින් චාරිකාවේ ම යෙදෙන්නේ සැමන් ටින් එකක ජලයේන් සියලුම ශරීර කෘත්‍ය කරගෙනය. තම ගෙදර එලිපත්තේ ඇති සදාකාලික සහනයක් ලබාගත හැකි විශ්වයේ විශ්මයජනක ස්තානයන් බිදදමා තල වපුරා බඩ පුරවාගන්නේ, ඇය එසේ කරන්නට උපදෙස් දී ඇති නිසාවෙන් විය හැකිය.

"කස කස" කපුටෝ කෘතගුණ දැක්වු පන්දු කෙලියද ඇයගේ සමාදර දායකත්වය යටතේ හැදී වැඩුණු, ගෙඩි නැති, කොල පමනක් ඇති, අතු ඉති දැමූ රූක්ශ ගසකි. අමුතු ඇටයේ පන්දු කෙලින සහ කෙලපු කපුටෝ මේ කොල පමණක්ම ඇති ගසෙහි සෙවන ලබන්නේ සමරිසියෙන් හදවත පුරෝගෙන ය. එවිට මහත්පල මහානිසංස ගෙන දෙමින්, අපිට පවු දෙමින්, පවුම් වලින් සාක්කු පුරවාලනු ලබන්නීය. එලිපත්තේ ලැගපු බල්ලො අද ඇදමත සුවසේ නිදන - ස්වාමියා ඇද යට නිදියන, සංස්කෘතිය අමුතු ඇටයට පහලවීම ඇයගෙන් අනුකරණය කරන ලද්දක්ද කියා විටෙක සිතෙන්නේය. ඒරොප්පෙන් එන ඕනෑම බෙට්ටක් සායම් කර ඔපමට්ටම් කර බෙල්ලේ එල්ලාගැනීම අමුතු ඇටයේ පුතානෝලා ට "පොශ්"ය. හැබැයි ඇය තමාගේ ගෙදර බල්ලන්ට මෙන්ම, දඩාවතේ යන බල්ලො කෙරෙහිද එකසේ අනුකම්පාවෙන් කටයුතු කලාය. පොශ් උණ සමහ තමන්ගේ බල්ලා කරපින්නාගෙන, වායු සමනයකල සැපරිය තුල රජගෙදර හැදුනත් බල්ලා බල්ලාම බව අමතක, අමුතු ඇටයේ පුතානෝලා පාරේ මිය පරලොව ගිය බලු කුණු, බලල් කුණු කොත්තුරොටියක් වනතුරු ම ඒ මතින් තම රථය පදවන්නේය.අපූරුම සහ සිනහවටම කාරනය නම් එම රථයේ ඩෑෂ් බොඩ් එක මත, තුන් ලොවටම අනුකම්පාවෙන් කටයුතු කල බුදුරජාණන් වහන්සේගේ පිලිම අලවාගෙන තිබීමය.

පහත කවිය යටත් විජිත සිලෝන් දේශයේ පාසැල් පද්ධතිය තුල පස්වන ජොර්ජ් මහරාජානන් හට ඔහුගේ බලපරාක්‍රමය සදහා ප්‍රසස්තියක් ලෙස ලමුන් විසින්  නිතරම ගායනාකරන ලදි. වසර 1930 ජෝර්ජ් මහරාජානන් වහන්සේගේ මරනින් පසු ඇයගේ මිනිපිරිය වූ වර්තමානයේ ලොවින් සමුගත් මහ රැජින කාලයටත් එකලෙස වලංගුය.මක්නිසාද යත් එදා පොඩි ලමුන් අද කද මහත්වූ මිනිසුන් වුවද මොලය නොමේරු ලදරුවන් ලෙසද, අදටත් කවියේ පද වෙනස් වුවද අරුත එකම වන විශය පද්ධතියක් හිමි පාසල් තුල එකලෙස සංතර්පණය වන සර්වකාලීන කවියක් වන අතරම, අද දින පදවි ප්‍රාප්තවූ චාර්ල් මහරජුගේ යුගයටද එක ලෙස වලංගු විය හැකි මෙම කවිය සදාකාලිකය.

අපගේ මහ රජා,

ලන්ඩන් නුවර වැජබෙනා,

නිතර සිහිවෙනා

ලෙස පිංතූරෙ බලමිනා

ජෝර්ජ් අපගේ මහ රජා,

මේරි බිසව් ගුණකදා,

ලංකාවත් රැකදිදී

වැජබේ සිරි රැස් වැදී.

 (කවිය උපුටාගැනීම අන්තර්ජාලයෙනි)


සැකසුම

නිර්පාක්ශිකයා

(ජායාරූපය අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදි)

Insight & analysis of the British colonial monarch into the economic & social phycology of Sri Lanka.

By 

The Analyst

(Similar Articles)

Comments

Popular posts from this blog

URLs & Kandyan Surnames

kaputas-to-salves | කපුටෝ-බයියෝ-ටොයියෝ-වහල්ලු

බයියාගේ හීනය...!!