වහල්ලු සහ වහල්ලු


hand drawn image of #debtbondage slaves


 වහලුන්ගේඉතිහාස කතාව මනුෂ්‍ය ඉතිහාසය හෝ ඊටත් වඩා පැරණි විය හැකිය. ඒ පිලිබදව උනන්දු වන්නේ නම් තොරතුරු ඕනෑ තරම් හොයාගත හැකිය. වහලුන් පිලිබද අර්ථ නිරූපණයේ දී අදික ලෙස වෙහෙසවන මිනිසුන් වහලුන් ලෙසද , පුද්ගලිකතවය නීතියානුකූලවම වෙන පාර්ශ්වයකට පවරා දුන් පුද්ගලයන් වහලුන් ලෙස අර්ථ නිරූපනය කර ඇත්තේය. මෙම අර්ථකතනය අනුව වර්තමානයේ හෙවත් 21 වන සියවසේ, digital යුගයේ,රැඩිකල් පරම්පරාව, කටුව ඇණගෙන, මුකය සහ මුක හොදින් තදින් වසාගෙන, සමරිසියෙන් ආතල් අරගෙන, සංහිඳියාවෙන් හදවත් පුරෝගෙන, කංසා ගහන,කොන්ඩේ බදින, කුනුහරුපය කුනුහරුපයක් කරගත් ගුරුන්ගෙන් අකුරුකරගෙනමතු පරපුර වැසිකිලියේම සෝදා හරින, කලුපැහැති තිරය පිටුපස සැගවී සිටි අන දෙනු ලබන තමන්ගේ ස්වාමියා කවුරුන්ද යන්න තම තම නැණ පමනින් විමසාගත හැකිය. ‘Working from home’ හෙවත් අතොරක් නැතිව කටු නැති ඔරලෝසුව අනුව, වැඩ-වැඩ-වැඩ, හෙවත් අප්‍රමාන “බිසී” ජීවිත කුමක්ද යන්න තම තම නැණ පමනින් තෝරා ගත යුතුය.

මෙසේ වන්නට හේතු භූත වූ කාරනාව කුමක් විය හැකිද ?.පරම්පරාවෙන් පරම්පරාවට එන ජානමය බලපෑමක් මත සිදුවන සිදුවීමක්ද?.එසේ නැතනම් ඉතිහාසය පුනරාවර්තනයක්ද?.

              royalty free image of slaves

ඉතිහාසයේ කතාව අනුව නම් වහලුන්ගේ කතාව වෙලදාම සමග ගසට පොත්ත මෙන් බැදුනු කතාවකි. වහලුන් නැත්නම් වෙලදාම නැත.වෙලදාම නැනැතිව  වහලුන් නැත. මක්නිසාද යත් අද මෙන්ම එදාද වෙලදාමේ නියාය "ස්වාමියා තර කිරීම" හෙවත් "Share holder welath maxsimise" කිරීමය. එදා එය, යකඩෙන් දම්වැලෙන් සිදු කලේය. අද ටයි කෝට් දමාගෙන සිදු කරන්නේය. මහලොකු වට පාරම්බාන " cooperate culture" එකය. එදාමෙන් නොව අද වහලුන් මුලු ලෝක තලයම සිසාරා පැතිර ගොසින්ය. යකඩෙන් තැනූ යදම වෙනුවට නවීන පන්නයේ යදම හෙවත් "මුදල්" භාවිතා කරන්නේය. එය කඩදාසියේ සිට කලුපාට තිරයේ සැගවුනු අරුම පුදුම එහෙත් එසේ යැයි නොසිතෙන ඩිජිටල් අංකය. මේවා අදවන විට ලෝකයේ රටවල් සිසාරා පැතිර ගොසින්ය. අමුතු ඇටයද එහි ගොදුරක් බවට පත් වී බොහෝ කල්‍ ය. එදා වහලුන්ගේ ස්වාමියා වහලාට වඩා වෙනස්ය. උන්ගේ සමේ පැහැය වෙනස්ය , කතාකරන බස වෙනස්ය . එහෙත් වර්තමානයේ වහල් ස්වාමියා දියුනුය, සූක්ෂම ය. එදා මෙන් නොව අද ඒජන්තයේ හෙවත් "brokers" ලා භාවිතා කරති. උන්ගේ සමේ පැහැය එකය.කතාව එකමය. උන් ස්වාමියාටත් වඩා ස්වාමියාට කීකරුය. අමුතු ඇටයේ කපුටෝ ලෙස හදුනාගත හැක්කේ මෙම කොට්ටාශයය. අමුතු ඇටයට තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදී කතාකියමින් නිදහස් මිනිසුන් වහලුන් කරන්නට දිවා රාත්‍රි කටයුතුවල යෙදෙන්නේ මෙම කපුටෝ ය. ලෝකයේ ඇති අති උසස්ම ඉගැන්වීමේ ක්‍රම සපිරි  "ෆින්ලන්තයක්" කිරීමට ගොස්, අමුතු ඇටය දැන් "පිංලන්තයක්" බවට පත් වී ඇත්තේය. ඉල්ලාගෙන කෑම ධර්මය සහ දර්ශනය වී ඇත්තේය. එනිසාම හිගමනක් ලද විගසම ප්‍රීතියෙන් උද්දාමයට පත්වී ජය ගෝසා පවත්වන්නේය.කොපමණ සලුපිලියෙන් සරසා සැගවීමට උත්සාහ කලද  "ණය" යනු වහල් බවේ තවත් එක මුහුනුවරක් බව මුහුන ඉදිරියේ ම පෙන්වා ඇත්තේය. අවශ්‍ය වන්නෙ සිහියෙන් ඒ දෙස බැලීම පමනි.

"තලෙයිබාන්"  අද්‍යපන ක්‍රමය හෙවත් විභාගයට ලකුණු 100% ගැනීම, නැතහොත් ලකුණු 80% ගත්තද, දරුවා දඩුවම් විදිය යුතුය. දඩුවම් ලෙස දරුවාට පරිබව කිරීම, රැහෙන් එලවා දැමීම,කෝටුමස් කිරීම, අවසානයේ ගල්ගසා මරා දැමීම අදී වූ සකලවිධ දැඩි නීති පද්ධතිය කට යටත්ව ගොඩනැගූ ජීවිත, ජීවිතයේ වර්නවත් පැතිකඩ නොදකින්නේය. ජීවිතයේ එකම අරමුණ තමාත් තම වර්ගයාත් බැද දැමූ යදම ශක්තිමත් කිරීම බවම පමනක් සිතන්නේ ය. ඒ සදහා අප්‍රමාදීවම කටයුතු කරන්නේය. එදා මෙන් නොව, සකලවිද වස්ත්‍රාබරනෙයෙන් සැරසී,  ඒරොප්පෙන් ගෙනා සුවද පැන් අග දවටා ගෙනෙ, මහත් වූ උජාරුවෙන් කන්තෝරුව නැමති වහල් ගුබ්බෑයටම රිංගා, තම ස්වාමියාගේ මල්ල පුරවා, ඉතිරි වී විසිකරන “දංකුඩ” ගිල දැමීම මහත්ඵල මහානිසන්ස ගෙනදෙන්නක් බවම සිතන්නේය. වර්තමානයේ “පොශ්” හෙවත් "polish" සමාජය මෙයය. “පොලිශ්” වී ඇත්තේ වහල් ක්‍රම‍යේ සලුපිලි මිස අන්කිසිවක් නොවන්නේය.

 අදවන විට නිදහස් සමාජය කොතරම් පරිවර්තනය වී ඇත්ද යන්න, අත්දැකිය හැකිවන්නේ, තලෙයිබාන් අද්‍යාපනය නොමතිව "දංකුඩ" උලාකෑමට හෝ අවස්තාවක් අහිමි කිර්‍ර්මය. ඒ සදහා සතරවරම් දෙවියන් පාරාදීසය ආරක්ශා කරන්නාසේම, කපුටෝ තලෙයිබාන් ක්‍රමය රකින්නේය. මන්දයත් මෙය යක්ශයාගේ හෝරාවම නිසාය. නිදහස් මිනිසා අද සමාජයේ නන්නත්තාරය. ඌ නන් දොඩවන පිස්සෙකි. ඒ කෙසේ වුවද, 

ඉතිහාසය පුරාවටම නිදහස් මිනිසුන් මේ බව දුටුවෝය. බලා ඉන්නට බැරිම තැන මෙසේ කීවෝය.

“Today as always, men fall into two groups: slaves and free men. Whoever does not have two-thirds of his day for himself, is a slave, whatever he may be: a statesman, a businessman, an official, or a scholar”. (Friedrich Nietzsche)

තලෙයිබාන් නිදහස් චින්තනය හෙවත් "වැල යන අතට මැස්ස ගැසීම" නිර්මාණශීලී බවය. නව නිපැයුම් කලයුත්තේ "වැල" ශක්තිමත් කිරීමට මිස, "මැස්ස" ශක්තිමත් කොට, ඊට අනුරූප්ව "වැල" යැවීමට නොවන්නේය. තමාට ගැලපෙන පරිදි ශක්තිමත් ලෙස "මැස්ස" සකස්කල විට “වැල” කුමක් වුවද අදාලම නැත. තමනට අවශ්‍ය බෝගය සිටුවා, අස්වනු නෙලාගත හැකිය. බඩ පුරවාගෙන තම තම නැණ පරිදි හිසද පුරවා ගත හැකිය.

අමුතු ඇටයේ මෙය අත් විදීමට, මෙය හොදම වේලාවය. ණය ගිලීම අපමණ සතුටක් වී ඇත්තේ 'කපුටන්ටය'. දිවා රාත්‍රි රූප පෙට්ටියේ රිංගා ණය ගිලීම කොතරම "පොශ්" සහ වැදගත්ද කියා වදුරු බණම දේසනා කරති. “ණය” නැමති වහල් බව තරම් ලොව වෙනත් මාර්ගයක් විමුක්තියට නොමැති බව දිව්රාම ප්‍රකාශ කරති. විටෙක ඉංගිරිසියෙන්ද, විටක සිංහල බසින්ද, අවශ්‍ය ලෙස මොල සේදීමේ යෙදී සිටින්නේය. මොල සෝදා කට්ට පමනක් දිලිසෙමින් තියනා ඔලුගෙඩිවල තවත් කුමක් සෝදන්න ඉතිරිව ඇත්ද යන්නද තවත් විටක උගතෝකෝටිකය. 

කෙසේ උවද, සත්‍ය වැලද ගැනීම විමුක්තියට ඇති එකම මාර්ගයම වන්නේය. ඇලේ දමා මොලේ සෝදා ඇති වහලුන් සත්‍ය, සත්‍ය ලෙස දුටු දාක ඔවුන්ගේ මානසික යදම් ගිලිහී, සදාතනික නිදහස අත්විදිනු ඇත.

ඒ සදහා හද බැතියෙන්ම ප්‍ර්‍රාර්ථනා කරන්නෙමු.

නමුත් ප්‍රාර්ථනා වලින් නිදහස නොලැබුනු ඇත.

කලයුත්තේ සත්‍ය ගග තරණය කිරීම පමණක්මය.

මෙපමණ කාලයක් නඩත්තු කල මායාව විසිකළ දැමිය යුතුය. තමා තමාම රවටා ගැනීමට තිත තැබිය යුතුය . 

කෙටියෙන් කිවහොත්, 

Do Not Lie to Yourself

සැකසුම:

නිර්පාක්ශිකයා

#වහල්ලු #වහල්ලුසහවහල්ලු #debtbondage

(Image Sourced from internet)

Insight & analysis of the social phycology of Sri Lankan society.

By 

The Analyst

Similar Articles



Comments

Popular posts from this blog

URLs & Kandyan Surnames

kaputas-to-salves | කපුටෝ-බයියෝ-ටොයියෝ-වහල්ලු

බයියාගේ හීනය...!!