Yuan Wang 5 delivered message? | චීනනැව ගෙනා පණිවිඩය?



ලොවම ගිගුම් දෙමින් "චීනනැව" පසුගියදා හම්බන්තොට තොටුපොළට ලගාවිය.මින් මාස කිහිපයකට පෙර එලසම මහා හඩක් නගමින් රුසියානු  ගුවන්යානයක්ද අමුතු ඇටයේ අත් අඩංගුවට පත්විය. හැමදාම  තමන්ගේම රටේ පුරවැසියන්ගේ  ප්‍රශ්න සරුසාර ලෙස වවාගෙනකන, ඒ අතරම මහා ගැලවුම් කාරයෝ සහ අති සුපිරිසිදු සුද්දවන්තයෝ ලෙස පෙනීසිටිනා කපුටෝ පිරිසක් මේ අත් අඩංගුවට ගැනීමට  ක්‍රියාකාරී ලෙස දායකත්වය ලබාදුන් බව රූප පෙට්ටියේ කතාවනු බව මතකය. කෙසේ වුවද අවසානයේ "කජු" පැකට්ටුවක්දී ප්‍රශ්නය නිරාකරණය කරනය කල බවද, පසුව එම රූප පෙට්ටියේම කතා වූ බවද මතකය .

හැමදාම  මෙන් දූපතේ කතාව නම් කවදාටත්  අපූරුය. තරම කොතරම් කුඩවුවද ප්‍රශ්න නම් මුලු ලොකයටද වඩා විශාල ය.ඈත අතීතයේදී දුටුගැමුණු රාජ කුමාරයාට මෙන්ම, වර්තමානයේ "වික්කම සිංහයාටද" උතුරින් සොලීන්‍ ය, නැගෙනහිරින් චීනුන්‍ ය, බටහිරින් සුද්දා ය.දකුණු දෙසින් හම්බන්තොට වරාය ය. කිසිදු සැනසීමක සේයාවක් වත් නොමැති සේමය.  නමුත් ලෝකයම සැනසීමට සිදු වී ඇත්තේය. සැබවින්ම දැන් නම් ගිරයට හසුවූ පුවක් ගෙඩියමය.  නැතිනම්, බටහිර සහ උන්ගේ බළල් අත් පමණක්ම  "අන්තර්ජාතිකය" ලෙස සිතන සහ ඒ සදහා දිවා රෑ කටයුතු කරණ කපුටෝ මරහඩ තලන්නේ උන්ගේ කිසිදාක නොසිදෙන "ඩොලර්" බඩ ගින්දර නිසාම විය යුතුය . අන්තර්ජාතික යනු "ජාතීන් අතර" බවත් ලෝකයේ අති මහත්වූ ජාතීන් ප්‍රමාණයකින් සමන්විතව ඇති බවත්, ලෝකයේ සිව් දෙසටම මෙම ජාතීන් බෙදී ඇති බවත්, අහාර සපයා ගැනීමේ සිට සකලවිධ මූලික අවශ්‍යතාවයන්, දේශගුණික කලාප අනුවම වෙනස්වන බවත්, සකලවිධ දැනුමින් සන්නද්ධව වැදි බණ දේසනාවන් කරනා කපුටෝ හට අමතක සෙයකි.

මේ අල්ලපනල්ලේ, දූපතේ වැසියෝ කුමක් කරන්නදැයි තුශ්නිම්භූතව බලා සිටින්නේ ය.කොටසකට, මේවා අදාළම නැත. ඔවුන්ගේ ප්‍රශ්න විසදාදීම සදහා මැම්බර්ලාට නොහොත් "සබාලට" "සබ්කොන්ත්‍රතුවක්" ලබාදී ඇත්තේය . ඔවුන් පසුගිය වසර 70වකට වඩා කාලයක් මෙම කොන්ත්‍රාත්තුව බාරගෙන සරුවට වැඩය. නමුත් කොන්ත්‍රාත්තුකරු දියුණුවේ හිනිපෙත්තටම ලගා වී ඇති වුවද, දූපතේ වැසියන්ගේ ප්‍රශ්න දිනෙන් දින උග්‍රය. එහෙත් මොවුනට මොනවා වුවද තවමත් "සබාව" විශ්වාසය.  "සබාලටම" දෙස් දෙවොල්  තියමින් කපුටන්ගේ දේශණාව අමු අමුවේම ගිල දමති . උදෑසන සිට රාත්‍රිය දක්වාම කපුටු බණ, රූප පෙට්ටියේ සහ මේ කාලයේ සමාජ රෝගයක් වී ඇති සමාජ ජාලයේ  සැරිසරමින්, කුණු රසයම සොය සොයා ගිල දමති. පාචනය හැදුනු විට "සබාලට" දෙස් දෙවොල් දෙති. සබලා සහ කපුටෝ එකම කදවුරේ බව සිහිනයෙන් වත් නොසිතන්නට වග බලාගනිති.නැත්නම්    මුලු ජීවිත කාලයම බටහිර සමග යහන්ගතව සිටි "වික්කම සිංහයා" හදිසියේම ඔවුන්ගේ සතුරකු වූයේ කෙසේදැයි සිතන්නට නොසිතන්නේ ඇයිද යන්න විටෙක පුදුම සහගතය. මන්දයත්, කපුටන්ගේ කතාව හැරෙන්නට වෙනත් කතාවක් මොවුනට නොමැති බැවිනි . නැවක්, ගුවන් යානයක්, සබ්මැරීනයක් තබා පියාඹන පීරිසියක් පැමිනියද, කපුටෝ කියන දෙයක් තමා ඉතින් ය. පුදුම වීමටද, බැණ වැදීමටද, සිනාසීමට ද නැතහොත් හොටු පෙරමින් අඩන්නද, සියල්ල කපුටන් විසින්ම දැනුම් දිය යුතුය. ඉතින් "නැවේ ආගමණය" තුල මොවුනට කියා ඇත්තේ කපුටන්ගේම මතය මිස වෙනස් යමක් කියා සිතන්නට අපහසුය .

එහෙත්,ආණ්ඩුව "රාජ්‍ය තාන්ත්‍රික" විය යුතු බව සපථකරමින් කාර්‍යාලයේ තම රාජකාරි වේලාව පාවිච්චි කරමින් වාද විවාද කරති. තමාගේම පංතියේ සගයන් සමග කෝන්තර ගොඩනගා ගනිති . කපුටන්ගේ මතවාද සමාජ ගත කරති. කපුටෝ හට ඩොලර් "දාන-මාන" දෙමින් නඩත්තු කරනා උන්ගේ හාම්පුතුන් මේ සියලු විපරීත දෙස, ඉහල මාලයේ සිට බලා සිටිනා බව අඹ මල් රේනුවක හෝ හැගීමක් ඇති බව සිතාගන්නට අපහසුය.

අමුතු ඇටය "ගිරයට" හසුවීමට එක් ප්‍රමුඛ  හේතුවක් වන්නේ එහි භූමියේ උපාය මාර්ගික පිහිටීම හෙවත් strategic location එකය. ලොව කාර්‍ය්බහුලම මුහුදු මාර්ගයකට නාවික සැතැපුම් කිහිපයක් දුරින් පිහිටා ඇති උපාය මාර්ගික තොටුපොළ ගණනාවකට උරුමකම් කියන දූපත, පුරාතනයේ පටන්ම මෙවැනි භූ දේශපාලනයේ කේන්ද්‍රයක් බව ලෙහෙසියෙන්ම සොයා බලා තේරුම් ගත හැකිය.නමුත් වර්ශ 1815 වනතුරුම කිසිම රටකට යටත් නොවී දෙපයින් නැගීසිට අභිමානය රැක ගැනීමට හැකි විය. එනිසාම, බඩට යමක් ඍජුවම නොලැබෙන නමුදු , වර්තමානයේ සකලවිධ හැල හැප්පීම් සහ තර්ජන ගර්ජන වලට මුහුන දීම සදහා ඉතිහාසය මදක් ගවේෂණය කිරීම වැදගත්‍ විය යුතුය. එය නුදුරේදීම බඩගින්නේ මියයාමෙන් බේර්‍ර් සිටීමට බෙහෙවින් උපකාරී විය හැකිය. 

මෙහිදි අනතුරු අවම වන්නේ කිසිදු කංඩායමකට විශේෂ සහයක් නොදැක්වීම සහ තරාදිය මැනවින් සමබර කර ගැනීමමය. මේ සදහා ස්වාදීන ආර්ථික ප්‍රතිපත්තියක් හෙවත් ස්වංපෝශිත ආර්ථිකය රටාවක් තිබිය යුතුය . ලොව කුමන රටකටත් වඩ ස්වයං පෝශිත ආර්ථිකයකයක වැදගත් කම ඇත්තේ දූපතටය.එවිට පැවැත්ම සදහා වන තීන්දු තීරන නිවැරැදි සහ අපක්ෂපාතීව ගත හැකිය. දීර්ඝකාලීන ප්‍රතිඵල ලෙස ගෞරවය සහ අභිමානය ගොඩනගා ගත හැකිය. එමෙන්ම ජාතියක් ලෙස සමුර්දිමත් විය හැකි වන්නෙය.

ණයට, පොලියට හිගමින් අභිමානය තබා රෙද්දක් ඇදගෙන පාරේ තොටේ උවද ගමන් කල නොහැකිය. මන්දයත් ඇදුම් වල අයිතිකාරයෝ ද පොලියෝම වන බැවිනි. කපුටෝ කොතරම් ප්‍රශස්ති කීවද,  සුදු කරපටි බැද, කලු කෝට් පැලද සිටියද, කොන්ඩේ බැද කෝටුවලින් බත් කෑවද, අමුඩ ගසාගෙන චපාති කෑවද පොලියා පොලියා මය. අරමුණ එකමය. එය ඔවුන්ගේ වරද ද නොවන්නේය .මක්නිසාද යත් එය ඔවුන්ගේ ජීවන මාර්ගය සහ උපාය මාර්ගයම නිසාය. ප්‍රශ්නය ඇත්තේ  දූපතේ ඇති මොලය මැරුණ මානසිකත්වය පමණි.

එනයින් බලන කල, චීන නැව ආවේ ද, ගුවන් යානය ආවේද එකම එක ප්‍රශ්නයක් ඇසීමටය. 

එනම්, 

ඉල්ලාගෙන කනවාද?. 

නැත්නම්, උපයාගෙන කනවාද ? 

                                                            යන්න ඇසීමටය. 

කුමක් තෝරා ගත්තද, මාර්ගය දුශ්කරය.  

පලමු මග තේරුවොත්, 

තාවකාලිකව ස්වයං වින්දනය කල හැකිය. කා බී සුබ විහරණය කල හැකිය . එමෙන්ම ඉතාමත් ඉක්මනින්  වදවී යා හැකිය.

දෙවන මග තේරුවොත්,

කැප කිරීම් කල යුතුය,මෙපමණ කාලයක් නඩත්තු කල මායාව විසිකළ දැමිය යුතුය. තමා තමාම රවටා ගැනීමට තිත තැබිය යුතුය . 

කෙටියෙන් කිවහොත්, 

Do Not Lie to Yourself .

සැකසුම : නිර්පාක්ශිකයා 
2022 අගෝස්තු 22 දින.

මුල් ජායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි.

Insight & analysis of the social phycology of Sri Lanka.
By 
The Analyst

Comments

Popular posts from this blog

URLs & Kandyan Surnames

kaputas-to-salves | කපුටෝ-බයියෝ-ටොයියෝ-වහල්ලු

බයියාගේ හීනය...!!