Truth is naked & solo | සත්‍ය නග්නය සහ තනිකඩය
මෙය නම් අමුතුම ඇටයකි. අරුම පුදුම ලෙස ඉන්දියන් සාගරයේ සියල්ලට පහලින් සියල්ල දකිමින්,සියල්ල විදිමින් තවමත් ජීවමානව සිටින්නේය.
කොරෝනා ලෝක වසංගතය එනවිට බටහිරට විරාජමාන වූ දූපතේ වැසියෝ, දූපතේ සිරවී සිටින තමන්ගේම යහලුවෝ, අසල් වැසියෝ කෙරෙහි අපමණ අනුකම්පාවෙන් යුතුව ශෝකය ප්‍රකාශ කලෝය.
"අපිටනම් අවුලක් නැහැ මචන්, උබලට තමා මාර ප්‍රශ්නයක් වෙන්නේ, මේ රටවල medical systems හොදටම තියෙනවානේ. දූපතේ මෙඩිකල් systems එක full අවුල් නේ නේද?.අපිට මාර දුකයි ඉතින් උබලා ගැන".
අසරණ දූපතේ වැසියෝ වසර දහස් ගනනක් පුරාවටම අත්දකින, අතැබුලක් වු දේශීය වෙදකම , පවුලේ වෙදදුරා වු තම මවගේ,පියාගේ මූලිකත්වයෙන් සහ සහෝදර සහෝදරියන්ගෙන් ලද උනුසුම් හෙදකමින් සාර්ථකව ගෝලීය වසංගතයට මුහුන දුන්නේය. විවිධ දේශීය වෙදදුරන් තම පාරම්පරික දැනුමින් සමාජය පෝෂණය කලේය.දූපත් වැසියෝ ඔවුන්ගේ සහතික පත්‍ර පරීක්ෂා කිරීමට උත්සුක නොවීය. " පූසා මැටියෙන් හෝ මීයෝ අල්ලනවානම් ඔවුන් හට ප්‍රමාණවත් විය".
වසංගතය ලෝකය පුරා පැතිරමින් මරණය ඉදිරියේ සියල්ලෝම එක සමාන බව වේගයෙන් පසක් කරන්න ගත්තේය. ලෝකයේ මරණ සංඛ්‍යාව ජයසූරියගෙ score එක පරිදි ඉහලට ගියේය. විටෙක වියාජ අනුකම්පාවෙන් උදම් වූ, විදේශීයට විරාජමාන වු දූපත් වැසියෝ එරට ගුවන් තොටුපොළට වේගයෙන් එකතුවෙමින් "දූපතට පැන" දිවි බේරා ගැනීමට කටයුතු කලෝය.අවස්තාවාදි වෙමින් තමන් හට සෙවන දුන් විදේශීයන් හට පිටුපෑවෝය. එනමුදු දූපතට පැමින විගස,නැවත බටහිරට වයමින් හොර රහසේම, දේශීය බෙහෙත් ගිල දැමුවෝය. යන එන මං නොමැතිව දගලන බටහිර වෙදකම වසංගතයට "එකම විසදුම" බව සපත කලේය. අවසානයේ බටහිරින් ආ "එකම විසදුම" සදහා ඉත සිතින් දායකත්වය දෙමින් පූර්ණ අනුග්‍රහය දක්වමින්, TV, Radio මගින් සකලවිධ වියාධ්න් සදහා විසදුම් සොයමින්, තමාගේම හදගැස්මට නිර්දය ලෙස පිටුපාමින් මෙලොව මෙන්ම සසරේද නන්නත්තාර වූ දූපතේ බහුතර වැසියෝ සමග එක්ව මහත්වූ බැතියෙන් "එකම විසදුම ඇන ගත්තෝය".
කාලය විසින් එම පරිච්ඡේදය ක්‍රමිකව වසා දමමින් සිටින්නේ ය.
මුලු ලොවම ගිල ගනිමින්, වසර දහසක් ගනනකට පෙර ඉතාමත් සියුම්ව නමුදු විශිශ්ඨතම සැලසුමක් සහගතව ආරම්භ වූ "ලෝකය අදුරේ ගිල්වන සැලසුම", වර්තමානයේ දසත පැතුරූ මහා පිල්ලියක් වී හමාරය. එම වෙනුවෙන් ගොඩනැගූ සමාජ-ආර්තික සංවිධාන, සමාගම්, මූල්‍ය ආයතන වර්තමානයේ සමාජයේ පෙරගමන්කරුවන් වී හමාරය. පෘථිවි තලයේ බහුතරයම සූක්ෂමව සකලවිධ මාධ්‍යය භාවිතා කොට මේ "මහා සැලසුම" වෙත යොමුකර හමාරය.
සොබාදහම ලෝකයට පාඩම් කියාදීමට දූපත පලමුව තෝරා ගැනීමනම් හරිම අපූරුය. නැවත වතාවක්, දූපත පලමුව තෝරා ඇති සෙයකි. ආර්ථිකය වලපල්ලටම තල්ලූ වී හමාරය. ලෝකය ඉදිරියේ බංකොලොත් රාජ්‍යය වී හමාරය. ලොව වටා හමන මහා කුනාටුවක ආරම්භය සනිටුහන් කර ඇති සෙයකි.
"මහා සැලසුමේ" නිර්මාපකයන් " හඩ නගා, ඔවුන්ගේ භාශාවෙන්ම "Cannary in Coal Mine" ලෙස පවසන්නේ මෙය නොවේද?.
දූපතේ වැසියෝ, බටහිරින් ආ "එකම විසදුම ඇනගෙන" සදාකාලික නිද්‍රාවක ගිලී, උරහිසට ඉහලින් ඇති "උස් මනස" මරා දමාගෙන ඇති සෙයකි. 1815 පමණ ඈත අතීතයක සිට, උග්‍ර විසකුරු සර්පයකු සියුම්ව හපාකෑමෙන් මරනාසන්න වූ රෝගියකු හට එම සර්පයාගෙම විස වෙනස් නමකින් ලබාදී ජීවය ලබා දීමට උත්සුක වීම "එකම විසදුම" ලෙස නැවතත් සපත කරන්නේය. මේ සදහා පැමිනි වෙදදුරන් නම් උරදී වැඩ කරන්නේය. මොලේ මැරුණ දූපතේ වැසියෝ ජයගෝසා නගන්නේය.
තම තමන්ගේ වාහන වලට "තෙල්" පුරෝගෙන තමන්ගේම දුවා දරුවන් සමග trip එකක් යාමට සිහින දකින්නේය.chillout වීමට උත්සාහ කරන්නේය. මේය ඉක්මනින් බැහැර යන බව සිතමින් තාවකාලික ස්වයං වින්දනයම යෙදී යෙදෙන්නේය. එනිසාම, විමුක්තියට ඇති මග වලක්වා ගන්නේය. තම තම නැන පමනින් කටයුතු කොට මේ අවිචාරවත් සමය පසුකර යාමට උත්සුක නොවන්නේය. එයම විමුක්ති මාර්ගය බව සිහිනයෙන්වත් නොසිතන්නේය.සත්‍ය එතරම් සරල සහ නග්න බව සිතාගන්නට නොහැක්කේය.
චිත්‍රපටය ඇරබුනා පමනි. විකට ජවනිකා, ප්‍රේම ජවනිකා, සටන් ජවනිකා සහ ත්‍රාසය සහ භීතිය කැටිවූ අවසානය අතලගය.
මේ සියල්ල දෙස විචාරත්මක ලෙස බලා සිටීමට හැකිනම්,ඕනෑම සිනමා පටයක් වෙනස්ම තලයක සිට වින්දනය කිරීමට හැකි නොවන්නේද?.
සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට… යැයි ඔවුන්ම හඩනගා පවසන්නේ ඒ නිසාමද?.
එනමුදු, විරාමයක් ලද විගස FB එකේම සරමින් ස්වංයන් වින්දනයේ යෙදෙන්නේය.
(සැකසුම: නිර්පාක්ශිකයා)
(ජායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි)

Comments
Post a Comment