Civic responsibility of Sri Lankan? | පුරවැසි වගකීම?
මේහි මූලික යෝජනා සදහා ඔබගේ ද අදහස් එකතුකොට තීරණ ගන්නා බලධාරීන්ට ලගාවන අයුරින් කටයුතු කොට පුරවැසි වගකීම ඉටුකරමුද?.
ගෑස් සිලින්ඩර නිසි පරිදි බෙදා හැරීම අද දවසේ ගැටලුව බවට පත් වි ඇති සෙයකි. රට තුල බහුලව සොයාගත හැකි IT තාක්ෂණය සරලව භාවිතා කොට මෙම ප්‍රශ්නය සදහා විසදුමක් සොයාගත හැකි දැයි සොයා බලමු. අද රට තුල ඉතාමත් හොඳ IT literacy එකක් ඇත්තේය.
ප්‍රශ්නය:
1. ජන මාධ්‍යය තුල සදහන් වන පරිදි ඇත්තටම රට තුලට ගෑස් තොග ලගා වෙනවාද?.
2. එම ලගාවන ගෑස්තොග නිසි ලෙස ජනතාව අතර බෙදී යනවාද?.
3. ජනතාව අපහසුවෙන් එකතුකරගත් ගෑස් ටැංකිය, මීලග ගෑස් තොගය ලැබෙන තුරු නිසි පරිදි කලමනාකරනය කර ගන්නේ කොහොමද?.
අරමුණ:
1. ජනතාව තුල යාන්ත්‍රණය පිලිබද විශ්වාසය තහවුරු කිරීම
2. අර්බුදය විසදීමට ජනතාව දායක කර ගැනීම
ජනතාව අද පාරට බැස ඉල්ලා සිටින්නේ මෙම ප්‍රශ්න වලට පිලිතුරුය. සාර්ථකව මෙම ප්‍රශ්න සදහා පිලිතුරක් සැපයීම මගින් ජනතා විශ්වාසය තහවුරුකර,මෙම අර්බුද කාර්‍ර් වකවානුවේ ජනතා සහය ලබා ගත හැකිය. එමෙන්ම ජනතාවට සිදුවන අනවශ්‍ය අසහනකාරී රස්තියාදුව මග හැර, ප්‍රතිපල දායක ලෙස තම කාලය භාවිතා කල හැක්කේය.
යෝජිත ක්‍රමය.
1. රට තුලින් තොරතුරු තාක්ෂණික ව්‍යාවසහයකයින් (IT Entrepreneurs Not IT Technicians)තෝරා ගනිමු.
2. App එකක් develop කරමු .
3. App එකෙන් කල යුතු දේ.
3.1 සියලුම ගැස් අවශ්‍යතා ඇති පුද්ගලයන් තමගේ විස්තර ඇතුල් කොට ලියාපදිංචි විය යුතුය. විශේෂයෙන් ID No, දුරකථන අංකය, ලිපිනය සහ අවශ්‍යතාව ( Domestic or Businesses use).
3.2 බෙදාහරින Gas Cylinders සදහා unique identification number එකක් print කල යුතුය. Gas නිකුත්කරන විට, app එක හරහා එම අංකය ඇතුල් කොට නිකුත් කල යුතුය.එවිට නිශ්චිතවම කුමන Gas Cylinder එක කවුරුන්ද වෙත නිකුත් කලේද යන්න CPC එකට පහසුවෙන් හදුනාගැන්මට හැක. එවිට නිශ්චිත ප්‍රදේශ සදහා "ගෑස් ඉල්ලුම(Demand)" නිශ්චිතවම තක්සේරු කල හැක.විශේෂයෙන් Domestic & Business භාවිතාව. ජනතාවද තමන් නිරීක්ෂණය ය වන බව දැනගත් පසු, වංචා කිරීමට, තොග රැස්කිරීම අතහැර දමන්නේය.
3.3 දත්ත එකතුකරගත් පසු, ඉතාමත් පහසුවෙන් සරල Map එකක් මගින් ගෑස් බෙදාහරින ලද කලාපද, බෙදාහරින නොලද පලාත්ද ජනතාවට බලාගත හැක. එවිට ජනතාවට තමා ලග තිබෙන Gas ප්‍රමාණය කලමනාකරනය කරන ආකාරය පුරුදු කරගත හැක. ජනතාව තුල විශ්වාසය තහවුරුකර ගතහ හැක.
3.4 රට තුල සත්‍ය වශයෙන් පවතින Gas තොග ප්‍රමාණය, බෙදාහරින ලද ප්‍රමාණය, ඉතිරි ප්‍රමාණය, අදී තොරතුරු ප්‍රතිශතයක් ලෙස පෙන්විය යුතුය. මීලග තොග ලැබෙන දින ආදිය විශේෂයෙන් සත්‍ය ලෙස දැක්වූයේ නම් ජනතාවට බොරු බලාපොරොත්තු සහිතව සිටීම තුලින් ඇතිවන අසහනය මගහැරිමට පුලුවන.
මේ ආකාරයෙන් ම ඉන්දන සදහා ද විසදුමක් ගොඩනගා ගත හැක.
(සැකසුම : නිර්පාක්ශිකයා).
(ජායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි)

Comments
Post a Comment