Posts

What next to gotagohome2022 ? | අරගලය මීලගට කොයිබටද?

Image
අරගලය දෙවන අදියරට පිවිස ඇත. ගින්දරින් දවා, ජලයේ නහවා පලමු අදියර අවසාන විය.දෙවන අදියර සදහාද එම ක්‍රියාන්විතයම සුදුසු යැයි සිතීම අපහසුය. මන්දයත් සතුරාගේ ස්වභාවය මෙම අදියරේදී වෙනස්ය.මනා සූක්ෂමය, ඉතා හොදින් වෙස්වලාගෙනය.සලුපිලි , කතාබහ වෙනස්ය.ගැවසෙන සමජ ස්තරය වෙනස්ය.භාවිතාකරන අවි සංකීර්ණය. බොහෝවිට ඉතාමත් ශුද්ධ වූ චේතනා ලෙස මවා පාන්නේය.එහෙත් ඉතාමත් බිහිසුණුය. " අවංක මෝඩක ම"  ඉතාමත් රුදුරු ලෙස ගොදුරු කරගන්නේය.ප්‍රතිඵල ලැබෙන්නේ තවත් අවුරුදු 70 පමණ ගෙවුණු පසුය.  තමා අවට පරිසරය පිලිබදව අවදියෙන් සිටිමින්, වත්මන් සිදුවීම් අතීතය සමග ගැලපිය යුතුම වන්නේය ( History always repeats..! ) , තම තම නැණ පමනින් පමණක් ඉතාමත් ප්‍රවේසමෙන්, තාර්කික බුද්ධියෙන් තීරණ තීන්දු වලට එලබීම මේ කාලයේ Theory එක බව පෙනෙන්නේය.කොවුල් නාද කරනා කපුටෝ හදුනාගත හැක්කේ එවිටය. සමස්ත සමාජය ඉදිරියේ කපුටන්ගේ අප්‍රසන්න නිරුවත බුද්ධියේන් නිරුවත් කල යුතුය . එවිට, බුද්ධිමතුන්ගේ යුගයට, බුද්ධියේ ජයග්‍රහණය තුලින් එලබිය හැකිය...!! (සැකසුම : නිර්පාක්ශිකයා) 2022 ජූනි මස 03 දින. (ජායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි) Insight & ...

Civic responsibility of Sri Lankan? | පුරවැසි වගකීම?

Image
මේහි මූලික යෝජනා සදහා ඔබගේ ද අදහස් එකතුකොට තීරණ ගන්නා බලධාරීන්ට ලගාවන අයුරින් කටයුතු කොට පුරවැසි වගකීම ඉටුකරමුද?. ගෑස් සිලින්ඩර නිසි පරිදි බෙදා හැරීම අද දවසේ ගැටලුව බවට පත් වි ඇති සෙයකි. රට තුල බහුලව සොයාගත හැකි IT තාක්ෂණය සරලව භාවිතා කොට මෙම ප්‍රශ්නය සදහා විසදුමක් සොයාගත හැකි දැයි සොයා බලමු. අද රට තුල ඉතාමත් හොඳ IT literacy එකක් ඇත්තේය. ප්‍රශ්නය: 1.      ජන මාධ්‍යය තුල සදහන් වන පරිදි ඇත්තටම රට තුලට ගෑස් තොග ලගා වෙනවාද?. 2.      එම ලගාවන ගෑස්තොග නිසි ලෙස ජනතාව අතර බෙදී යනවාද?. 3.      ජනතාව අපහසුවෙන් එකතුකරගත් ගෑස් ටැංකිය, මීලග ගෑස් තොගය ලැබෙන තුරු නිසි පරිදි කලමනාකරනය කර ගන්නේ කොහොමද?. අරමුණ: 1.      ජනතාව තුල යාන්ත්‍රණය පිලිබද විශ්වාසය තහවුරු කිරීම 2.      අර්බුදය විසදීමට ජනතාව දායක කර ගැනීම ජනතාව අද පාරට බැස ඉල්ලා සිටින්නේ මෙම ප්‍රශ්න වලට පිලිතුරුය. සාර්ථකව මෙම ප්‍රශ්න සදහා පිලිතුරක් සැපයීම මගින් ජනතා විශ්වාසය තහවුරුකර,මෙම අර්බුද කාර්‍ර් වකවානුවේ ජනතා සහය ලබා ගත හැකිය. එමෙන්ම ජනතාවට සිදුවන අනවශ්‍ය අසහනකාරී ...

Truth is naked & solo | සත්‍ය නග්නය සහ තනිකඩය

Image
  මෙය නම් අමුතුම ඇටයකි. අරුම පුදුම ලෙස ඉන්දියන් සාගරයේ සියල්ලට පහලින් සියල්ල දකිමින්,සියල්ල විදිමින් තවමත් ජීවමානව සිටින්නේය.  කොරෝනා ලෝක වසංගතය එනවිට බටහිරට විරාජමාන වූ දූපතේ  වැසියෝ, දූපතේ සිරවී සිටින තමන්ගේම යහලුවෝ, අසල් වැසියෝ කෙරෙහි අපමණ අනුකම්පාවෙන් යුතුව ශෝකය ප්‍රකාශ කලෝය.  "අපිටනම් අවුලක් නැහැ මචන්, උබලට තමා මාර ප්‍රශ්නයක් වෙන්නේ, මේ රටවල medical systems හොදටම තියෙනවානේ. දූපතේ මෙඩිකල් systems එක full අවුල් නේ නේද?.අපිට මාර දුකයි ඉතින් උබලා ගැන". අසරණ දූපතේ වැසියෝ වසර දහස් ගනනක් පුරාවටම අත්දකින, අතැබුලක් වු දේශීය වෙදකම , පවුලේ වෙදදුරා වු තම මවගේ,පියාගේ මූලිකත්වයෙන් සහ සහෝදර සහෝදරියන්ගෙන් ලද උනුසුම්  හෙදකමින් සාර්ථකව ගෝලීය වසංගතයට මුහුන දුන්නේය. විවිධ දේශීය වෙදදුරන් තම පාරම්පරික දැනුමින් සමාජය පෝෂණය කලේය.දූපත් වැසියෝ ඔවුන්ගේ සහතික පත්‍ර පරීක්ෂා කිරීමට උත්සුක නොවීය. " පූසා මැටියෙන් හෝ මීයෝ අල්ලනවානම් ඔවුන් හට ප්‍රමාණවත් විය". වසංගතය ලෝකය පුරා පැතිරමින් මරණය ඉදිරියේ සියල්ලෝම එක සමාන බව වේගයෙන් පසක් කරන්න ගත්තේය. ලෝකයේ මරණ සංඛ්‍යාව ජයසූරියගෙ score එක පර...

kaputas-to-salves | කපුටෝ-බයියෝ-ටොයියෝ-වහල්ලු

Image
මොවුන් දූපතේ ලැග සිටිනා සත්වයෝ අපුරුය. 97% පමණ ටොය්යෝ සහ බය්යෝ ය. 3% පමණ වහලුන්ය . බය්යෝ ස්වභාවයෙන්ම අමනය, අවංකය, බෙහෙවින් රැවෙටන සුලුය. නිරතුරුවම, දියසේන කුමාරයා පැමින තමාගේ අමනකමි වලින් තමාව මුදවා ගන්නාතුරු මග බලා සිටින්නේ ය. එය ඉරහඳ මෙන් විස්වාසය කරන්නේය. බය්යෝ බහුලව දැකිය හැක්කේ ගම් බදවය. මොවුන්ගේ නඩත්තුව පහසුය. මන්ද යත් සරල සිතුවම් පැතුම් පිරි ජීවින රටාවය. මොවුන් සැම විටම විස්වාස කරන්නේ කර්මය අනුව තමන්ගේ පැවැත්ම තීරණය වන බවය. ටොය්යෝ කපටිය, අවස්තාවාදිය, තක්කඩිකමින් විවිධ කතා ගෙතීමේ අති දක්ශයෝය. "සුද්දා සුදුය උගේ මල පහ උවද අපමන සුවදය" යන්න දිවුරාම ප්‍රකාශ කරති. මෙලොව ඇති සියලුම වියාධ්න් හට එකම විසදුම "සුද්දාගේ විසදුම" බව සපත කරති.එය එකම විසදුම ලෙස වරනගති. ස්වාභාවදර්මයද "සුද්දා" විසින්ම ගොඩනගන ලද්දක් බව තරයේම විස්වාස කරති. ඒ සදහා ටයි කෝට් පැලද ගොස් පුද පුජා පවත්වති. සපත කරමින් සුද්දගේ දේශයට වැද නමස්කාර කරති. කපුටෝ වනහි, බය්යයන්ගේ අමන කමද, ටොය්යන්ගේ "සුද්දා සරන යන" වහල් කමද නියමිත මාත්‍රවට කලවම් කර, දුපත ගිල ගැනීමට කැසකවන දෙස්,විදේස් මාර පිල්...

Pre & Post Corona Virus Period

Image
Corona Virus or COVID 19 has not only confined people at home but teaching the greatest lesson ever thought to mankind. The world is full of resources for its inhabitants for careful utilization, apart from the humans, the rest of the inhabitants on the planet knew the rules of the game. We, humans, were driven by the consistently aroused greed, accumulating or maximizing the very narrowly defined concept of wealth with no respect whatsoever to the nature which everyone’s very survival depends upon, embraced as DEVELOPMENT. Vegetables, Fish, meat, and groceries are starting to deliver to the doorsteps with the highest quality and freshness at a reasonable price by the SME business more consistently, and successfully in every corner of the village, a town while large cooperations of supermarkets struggling to cater their very loyal customers. Social media platforms are used for the greater good for the first time in history by people starting to create various public groups to help each...