Posts

Showing posts from July, 2022

What happened to gotagohome2022? අරගලය මුහුදුබත්වූවාද?

Image
එදා මිරිහාන හංදියේහී ඉතාමත් අව්‍යාජ සහ සරල ලෙස, කොල්ලො-කෙල්ලො  "ගෙදර යන ගමන් " සාමකාමීව ආරම්භ කරන ලද අරගලය, රැය පහන් වන විට විශ්මයජනක ප්‍රතිපල අත්කර දෙමින් කපුටෝ සියලු පුටු  වලින් පැන දිව්හ. අනතුරුව, අරගලය රැල්ලට ගසාගෙන  යමින් ගාලුමුවදුර වෙත gotagohome  ලෙස  ගසාගෙන ආවේය.කූඩාරම් ඉදිකර කපුටෝ එයට රිංගුවෝය. කෑමෙන්,බීමෙන් අරගලය සංතර්පණය කලෝය. වින්දිතයන්ට යුක්තිය යදිමින්, ඉටි පහන් දල්වමින්, බුරියානි ගිලමින්, පූජකයො අරගලයට පිරිත් වතුර ඉස්සෝය. සංහිඳියාව දෝරෙගලා ගියේය. gotagogama අරගලය සැණකෙළියක් ම විය.  සියල්ලෝම සතුටින්, උමතුව, " කස කස " කෘත ගුන සැලකීම පිලිබදව උනන්දු විය. එයම අරගලය පිලිබද සිහිය දුරු කරන බව දැන හෝ නොදැනය. එහෙත් "නොදන්නාකම" අපාගතවීම වැලක්වීමට  සමාවක් නොවන බව බුදුන් වහන්සේ මීට අවුරුදු 2500 පෙර පැවසූ බව, අපේ ආච්චි අපි පොඩි කාලයේ කීවා මතකය. විචාරාත්මක බව පසෙකින් තබා, ඉතාමත් සූක්ෂම ලෙස කපුටන් ගොඩනගන ලද ජනප්‍රිය හරසුන් මතවාද කරපින්නාගෙන ජයග්‍රහණයේ මාවත ලෙස රැවටුනේය. අවසානයේ කපුටෝ අරගලයේ මෙහෙයුම අතට ගත්තෝය. නිශ්චිතවම, අවශ්‍යම මොහොතේ එය පෙරලා දැමු...